හකීම්ගේ ත‍්‍රස්තවාදී කදවුරක් අම්පාරේ… සියළු සාක්‍ෂි සහිතව හෙළිදරවු කෙරේ - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 29, 2020

හකීම්ගේ ත‍්‍රස්තවාදී කදවුරක් අම්පාරේ… සියළු සාක්‍ෂි සහිතව හෙළිදරවු කෙරේ - (video)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමති රවුෆ් හකීම් විසින් අම්පාර වූ වට්ටමඩු රක්ෂිතයේදී සහරාන් ඇතුළු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ට අනුබල දෙන ආකාරය, අන්තවාදී ත්‍රස්තවාදී කඳවුරක් පවත්වා ගෙන ගිය ආකාරය සම්බන්ධයෙන් පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ජනාධිපති කොමිසම වෙත සාක්ෂි ලබාදී තිබේ.

පූජනීය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සාක්ෂිකරුවන්ද සමඟ මෙම විශේෂ හෙළිදරවුව ඊටෙය් දිනයේදී සිදු කර ඇත.

මෙරට පුරාවිද්‍යා ස්ථානයක් ඉස්ලාම් ආගමික ස්ථානයක් යයි නිර්මාණය කිරීම සම්බන්ධයෙන්ද එම කදවුර තුළ හකීම් ඇමතිවරයාගේ මූලිකත්වයෙන් සාකච්ඡා කර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

එම ස්ථානයේදී අවි ආයුධ පුහුණු වීම ඇතුළු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුකර ඇතැයි ද, මේ සම්බන්ධයෙන් විශේෂ සාක්ෂිකරුවන් ඇති බවද උන් වහන්සේ කියා සිටියහ.

මෙම වට්ටමඩු රක්ෂිතය ආශ්‍රිතව මිනීමැරුම් ආදියද සිදුවී ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

හිටපු ඇමැතිවරයා වට්ටමඩු රක්ෂිතය තුළට ගොස් පුරාවිද්‍යා ස්මාරක මත තමන්ගේ අන්තවාදීන් සමග කටයුතු කරන ආකාරය පින්තූර සහිතව උන්වහන්සේ ජනාධිපති කොමිසමට බාර දී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad