දේශපාලන යතුරු පැදි සවාරි, නාත්තන්ඩියේදී තරුණයෙකු අනතුරට ලක්කරයි - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 31, 2020

දේශපාලන යතුරු පැදි සවාරි, නාත්තන්ඩියේදී තරුණයෙකු අනතුරට ලක්කරයි - (video)

තුරුපැදි වල නැගී අනාරක්ෂිතව දේශපාලන ප්‍රචාරක කටයුතු කරන අයුරු මේ දිනවල සමාජයේ කතාබහට ලක්ව තිබෙනවා.

එවැනි අවස්ථාවකට සහභාගී වීමට යමින් සිටි යතුරු පැදියක් පසුගිය දිනක නාත්තණ්ඩියේදී තරුණ යුවලක් අනතුරට ලක් කළා. තරුණයා මේ වන විට ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබනවා.

කුඩා යතුරු පැදියක ගමන් ගනිමින් සිටි මෙම යුවල ප්‍රතිවිරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් පැමිණි මෙම යතුරු පැදියේ ගැටී තිබෙනවා. එන්ජින් ධාරිතාව 450CC දක්වා යතුරු පැති මෙරට ලියා පදිංචි කළ හැකි අතර අධික වේගයෙන් පැමිණි මෙම යතුරු පැදිය මෙරට ලියාපදිංචි කර නොමැත.

අනතුර කළ තැනැත්තා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ රැලියකට සහභාගී වීමට යමින් සිටි බවට ඔහුගේ දෙමව්පියන් පිළිගත් බව පැවසෙන නමුත් අදාල මන්ත්‍රීවරයා එය ප්‍රතික්ෂේප කර සිටියා.

නමුත් ඔහු ආරක්ෂිත හිස්වැසුම් හෝ නොපැළඳ නගර පුරා යතුරුපැදි පෙළපාලි යන අයුරු වීඩියෝගත වී තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad