හිටපු ඇමති රිෂාඩ් හා හිටපු නියෝජ්‍ය ඇමති කාදර් මස්තාන්ගේ ආධාර කරුවන් වව්නියාවේදී ගැටෙති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 28, 2020

හිටපු ඇමති රිෂාඩ් හා හිටපු නියෝජ්‍ය ඇමති කාදර් මස්තාන්ගේ ආධාර කරුවන් වව්නියාවේදී ගැටෙති

හිටපු ඇමති රිෂාඩ් හා හිටපු නියෝජ්‍ය ඇමති කාදර් මස්තාන්ගේ ආධාර කරුවන් වව්නියාවේදී ගැටෙති

වව්නියාව සාලම්බකුලම් ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වරයෙකු වූ කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඊයේ (27) දින රාත්‍රියේ ඇති වූ ගැටුමකින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවට පූවර්සන් කුලම් පොලීසිය පවසයි.

සාලම්භ කුලම් ප්‍රදේශයේදී අධාරකරුවන් දෙපිරිස මැතිවරණ ප්‍රචාරක කටයුත්තක යෙදී සිටින අතරවාරයේදී  පළමුව බහින්බස්වීමක් සිදුව පසුව එය පහරදීගැනීමක් දක්වා දුරදිග ගොස් ඇත.

අනතුරුව ඒ පිළිබඳව වව්නියාව හා පූවර්සන්කුලම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එම ස්ථානයට පැමිණ ගැටුම සමතයකට පත් කොට රැස්ව සිටි පිරිස් විසුරුවා හැරීමට කටයුතු කරන ලදි.

එහිදී දෙපාර්සවයේ ඇති වූ ගැටුම් වලදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ගේ පාර්සවයේ සිව් දෙනෙකුටද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ආධාරකරුවෙකුට තුවාල සිදුව ඇති අතර වාහන කිහිපයකට හානි සිදුව ඇත.

ගැටුම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇති බවටද පූවර්සන්කුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad