කැලණි ප්‍රා. සභාව රණවීරගේ ඡන්ද ව්‍යාපාරයට මහජන බදු මුදල් දීලා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 31, 2020

කැලණි ප්‍රා. සභාව රණවීරගේ ඡන්ද ව්‍යාපාරයට මහජන බදු මුදල් දීලා !

දිරියේ සේවක වැටුප් ගෙවීම පවා අර්බුදයක පැවතියදී කැලණිය ප්‍රාදේශී සභාව විසින් මාර්ග සඳහා සිමෙන්ති ගල් අල්ලන කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට රුපියල් හැටපන් ලක්ෂයක මුදලක් පසුගිය මැයි 21 වැනිදා පැවැති එහි මුදල් කමිටුවෙන් අනුමත කරගෙන ඇතැයි වාර්තා වේ.

වසර ගණනක සිට එම ප්‍රාදේශීය සභාව සතුව තිබූ රුපියල් ලක්ෂ 300ක ස්ථාවර තැන්පතුව අවලංගු කර එය ජංගම ගිණුමට බැරකර ගනිමින් මේ ගෙවීම සිදුකර ඇති බවද පැවසේ.

































කලක පටන් කැලණි ප්‍රාදේශීය සභාව විසින් එහි පාරවල් සැකසීමට යොදාගනු ලබන්නේ “සවිය” නමින් නම්කර ඇති සිමෙන්ති ගල් වර්ගයකි.

සවිය නැමැති ගල් නිෂ්පාදනය කරනු ලබන ආයතනය 2020 වසරට පෙර ලියාපදංචිව තිබී ඇත්තේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හා මෙවර පොහොට්ටු පක්ෂයේ අපේක්ෂක ප්‍රසන්න රණවීර මහතාගේ බිරියගේ නමට බවද වර්තමානයේ එය ඒ මහතාගේ මස්සිනාගේ නමට ලියාපදිංචිව ඇති බව විපක්ෂයේ මන්ත්‍රීවරු කියති.

එසේම ඔවුන් සඳහන් කරනු ලබන්නේ මේ හදිස්සි ගෙවීම සිදුකරනු ලබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මෙවර පොහොට්ටු පක්ෂයේ අපේක්ෂක ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගේ ඡන්ද ව්‍යාපාරයේ කටයුතු කරගෙනයාම සඳහා බවයි.

පසුගිය ජනවාරි මාසයේ හා පෙබරවාරි මාසයේ එම ප්‍රාදේශීය සභාව නඩත්තු කරනු ලබන මාර්ග සඳහා පමණක් ඇස්තමේන්තු කරන ලද ගල් වල වටිනාකම දොළොස් කෝටිය (123,071,553/-) ඉක්මවන බව පැවසේ.

2020 මාර්තු 22, මැයි 15 හා මැයි 29 කොරෝනා කාල සීමාවේදී රුපියල් එක්කෝටි හැතෑ ලක්ෂයක (17,696,367/-) මුදලක් පාරවල් සැදීමේ දී අතුරන සිමෙන්ති ගල් වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබූ බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එය ප්‍රාග්ධන වියදමින් 80% ක් වන අතර මෙසේ වැයකර ඇති මුදල් මහජනතාවගෙන් බදු මුදල් ලෙස එක්කර ගන්නා ලද මුදල් බව පැවසේ.

අප කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනී ශාන්ති කුමුදුනී මහත්මියගෙන් එම ආයතනය සතුව තිබූ රුපියල් ලක්ෂ 300ක ස්ථාවර තැන්පතුව ජංගම ගිණුමට හැරවූයේ දැයි කළ විමසීමේදී ඇයට දුරකථනයෙන් ඒ සඳහා පිළිතුරු ලබාදීමට නොහැකි බව කියා සිටියේය. ඊට හේතුව ලෙස ඇය කියා සිටියේ ඇයට මුදල් ප්‍රමාණයන් සම්බන්ධයෙන් මතකයක් නොමැති බව පවසමිනි.

එසේම මේ ප්‍රශ්න සඳහා සභාවට පැමිණෙන්නේ නම් පිළිතුරු දිය හැකි බවත්, ඒ තීන්දු තීරණ ගනු ලැබුවේ සභාවේ මන්ත්‍රීවරුන්ගේ සහයෙන් බවද ඇය කියා සිටියාය.

එසේම ඇය ඕනෑම ප්‍රශ්නයකට ලිඛිත පිළිතුරු ලබාදෙන්නට වුවද හැකියාව ඇති බවට අප කියා සිටියේය.

-srilankamirror


No comments:

Post a Comment

Post Bottom Ad