නාමල් ලැම්බෝගිනි 19ක් ගෙනාපු බව මම කිව්ව්වද? ආ.. මම කියලා තියෙනවනේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 30, 2020

නාමල් ලැම්බෝගිනි 19ක් ගෙනාපු බව මම කිව්ව්වද? ආ.. මම කියලා තියෙනවනේ

නාමල් ලැම්බෝගිනි 19ක් ගෙනාපු බව මම කිව්ව්වද? ආ.. මම කියලා තියෙනවනේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 2015ට පෙර පැවති ආන්ඩුව සමයේ ලැම්බොගිනි වර්ගයේ මෝටර් රථ 19ක් ගෙන ආ බවත් තමන් කිසිසේත්ම ප්‍රකාශ කර නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවැසීය.

රූපවාහිනි නාලිකාවක වැඩසටහනකදී නිවේදකයා එය තහවුරු කර ගැනීමට යලිත් ඇසූ විටද දිසානායක මහතා කියා සිටියේ තමන් එවන්නක් කියා නැති බවත් තමන් කියන සියලු දේ පරම සත්‍යය පමණක් බවත්ය.

නමුත් සමාජ ශාලාවන් එක්කර ඇති වීඩියෝවක දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ මහතා  මෝටර් රථ 19ක් ශ්‍රී ලංකාවට ගෙන්වූ බව අනුර දිසානායක මහතා විසින් ජන හමුවක පවසන ආකාරයයි.

ඒවායේ වරාය ගාස්තු පවා අන්තිම රුපියලට කියන්නට ජවිපෙ නායකයා එහිදී සමත්කම් දැක්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad