රාජිත සේනාරත්න ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2020

රාජිත සේනාරත්න ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගනී

රාජිත සේනාරත්න ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගනී

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

ඒ, එම පෙත්සම ඔහුගේ නීතිඥවරු විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුවය.

අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ ඇපය කොළඹ මහාධිකරණය විසින් අවලංගු කිරීමෙන් පසුව සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා විසින් එම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.

පෙත්සම අද (30) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට ඇප මත මුදා හැර ඇති බවය.

මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුනි.

No comments:

Post a Comment

Post Bottom Ad