පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2020

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට ස්ථාන මාරුවීමක් ලබාදීමට තීරණය කර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ ස්ථාන මාරුවීම ලබාදීමට තීරණය කර ඇති බව පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සුබසාධන අංශයට මාරුකිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් කටයුතු කර ඇති අතර ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙස පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා දිනයේ රැස්වන පොලිස් කොමිෂන් සභාව අදාළ ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතය.

සජීව මැදවත්ත මහතාගෙන් පුරප්පාඩුවන තනතුර සඳහා නියෝජ්‍ය පොලිස්පති කේ.අපොන්සු මහතා පත් කිරීමට තීරණය කර තිබේ.

මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිව්දෙනෙකු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර ඊයේ (29) ඔවුන්ගේ වැඩ තහනම් කිරීමක් ද සිදුකෙරුණි.

No comments:

Post a Comment

Post Bottom Ad