කොටින්ට බයේ මහින්ද කකුල් වෙවුලමින් සිටියදී යුද්ද කරන්න පෙරට ආවේ මමයි - චම්පික රණවක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 27, 2020

කොටින්ට බයේ මහින්ද කකුල් වෙවුලමින් සිටියදී යුද්ද කරන්න පෙරට ආවේ මමයි - චම්පික රණවක

කොමිසන් සභා හෝ මාධ්‍ය ප්‍රහාරවලින් තමන් පරාජය කර නොහැකි බව හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

තමන් පරාජය කළ හැක්කේ තමන් කළ අමාත්‍යාංශ තමනට වඩා හොඳින් කිරීමෙන් පමණක් යයිද ඔහු පැවසීය.

ඊයේ පස්වරුවේ තම මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසීය.

අද වන විට චම්පික රණවක පරාජය කරවීම සඳහා මිලියන 50 ක් වියදම් කරන මාෆියා කල්ලි කරළියට පැමිණ ඇති බව ද තමන්ව සිරගත කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට සහ අනෙකුත් පුද්ගලයන්ට බලපෑම විශාල වශයෙන් එල්ල වෙමින් ඇති බව ද ඔහු පැවසීය.

මඩ ප්‍රහාරවලින් කොමිෂන් සභා හෝ උසාවි මගින් තමන් නතර කළ නොහැකි බවත් තමන් දණ ගහන්නේ නැති බවත් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට තමන් පවසන බවද ඔහු එහිදී පැවසීය.

කොටි සංවිධානය මාවිල් ආරු සොරොව්ව වැසූ වෙලාවේ අරලියගහ මන්දිරයේ සිට වෙවුලමින් සිටියදී සටන් කිරීම සඳහා ඉදිරියට ආවේ තමන් බවත් ඉදිරියේදීද ඒ මාවතේ ඉදිරියට යන බවත් රණවක මහතා එහිදී තව දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad