උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් එම ලිඛිත දැනුම්දීම සිදුකර ඇත්තේ ඔහුගේ නීතිඥ ශාහ ෂම්ස් විසින් ය.
මාධ්‍ය වාර්තා කළ ආකාරයට හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂවරයෙකු 2020 . 06. 22 වන දා අදාළ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පවසා ඇත්තේ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබියදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ සහෝදරයකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් විසින් ඔහුට බෝට්ටුවක් හරහා ඉන්දියාවට පළා යාමට සහය දී ඇති බවයි.
මෙම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව නීතිඥවරයා කොමිසම වෙත යොමු කළ ලිපියේ අවධාරණය කර ඇත. එසේම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස අදාළ ප්‍රකාශය හේතුවෙන් තම සේවාදායකයාගේ කීර්ති නාමයට බරපතළ කැළලක් සිදුව ඇති බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.
එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ කරුණ සම්බන්ධව විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණු බවත් එබැවින් එහි ජාතික වැදගත්කම සලකා එළඹෙන සතිය තුළ අදාළ කරුණු දැක්වීමේ අවස්ථා තම සේවාදායකයා වෙත ලබාදෙන ලෙසයි.
එමෙන්ම ජනාධිපති විමර්ශන කොමිසමකට අදාළ නීති අණ පණත් ප්‍රකාරව මෙම කරුණු දැක්වීම සිදුකිරිමට තම සේවාදායකයාට අයිතියක් ඇති බවත් එම ලිපියේ අවධාරණය කර තිබේ.
– media unit


No comments:
Post a Comment