කවුරු කොහොම කීවත් පාස්කු ප්‍රහාරය පසුපස හිටියේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ - මෛත්‍රී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 23, 2020

කවුරු කොහොම කීවත් පාස්කු ප්‍රහාරය පසුපස හිටියේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ - මෛත්‍රී

වුරුන් කෙසේ කීවත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පසුපස සිටියේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් බවත් ඔවුන් එම ප්‍රහාරය එල්ල කරවූයේ තමන් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙනගිය සටන වැළැක්වීමට බවත් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

"ඔය පාස්කු ප්‍රහාරය, 2019 අප්‍රේල් 21 වෙනිදා, කවුරුන් කෙසේ කීවත් මට කවුරුන් විවේචනය කළත් මම බොහොම පැහැදිලිව කියනවා පාස්කු බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ කියලා.

මම මත්ද්‍රව්‍ය මර්දනයට ගෙනගිය ජාතික වැඩපිළිවෙලින් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට රිදුණා. ඒක නිසා මාව බලයෙන්  තල්ලු කරන්න, මාව ජනතාව අතර අප්‍රසාදයට පත්කරන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ලොකු වැඩපිළිවෙලක් කළා.

අගෝස්තු 05 වෙනිදා මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සෙත් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ ඔබත් එක්ක නායකත්වය අරගෙන මේ ගම්වලින්  මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම තුරන් කරන්න වැඩ කරනවැයි කියන එක මම තමුන්නාන්සෙලාට කියන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (22) හිඟුරක්ගොඩදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා කොට්ඨාශ බලමණ්ඩල රැස්වීමක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad