දළඳා කරඬුව වැඩම වු “මිල්ලන්ගොඩ ජයන්ති“ ඇතා මියයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2020

දළඳා කරඬුව වැඩම වු “මිල්ලන්ගොඩ ජයන්ති“ ඇතා මියයයි

දළඳා කරඬුව වැඩම වු “මිල්ලන්ගොඩ ජයන්ති“ ඇතා මියයයි

ශ‍්‍රී දළදා මාලිගාවේ දළදා කරඬුව කිහිප අවස්ථාවක වැඩම කර වූ කෑගල්ල “මිල්ලන්ගොඩ ජයන්ති“ ඇතා ඊයේ (29) මිය ගොස් තිබේ.

මෙම ඇතා මිය යන විට වයස අවුරුදු 70 ක් පමණ විය. 

වයස අවුරුදු හතරේදී දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප‍්‍රසිද්ධ වෙන්දේසියකදී රුපියල් 5000ක වටිනාකමකට වෙන්දේසි වු අවස්ථාවේ දී එස්.ආර්.එස් මිල්ලංගොඩ මහතා විසින් එම ඇතා මිලදී ගෙන තිබුණි.

මෙම ඇතා “පොඩි රාජා“ නමින්ද, හඳුන්වයි. 

1956 බුද්ධ ජයන්ති වසරේ මෙම ඇතා මිලදි ගෙන තිබු නිසා ඇතාට ජයන්ති නම යොදා ඇත. 

ඇතා මිය යන විට අඩි 9 කට ආසන්න උසකින් යුක්ත විය.

දිවයින පුරා වෙහෙර විහාරස්ථාන රැසක පෙරහැර අවස්ථාවන්වලට සහභාගී වී ඇති “පොඩි රාජා“ 2016 වසරේ සිට කිහිප වතාවක් ශ‍්‍රී දළදා මාලිගාවේ සදාතුක කරඬුව වැඩමවා ඇත.

මෙම ඇතා 2017 වසරේ ශ‍්‍රී දළදා මාලිගාවේ රන්දෝලි පෙරහැරේ ප්‍රථමවරට සදාතුක කරඬුව වැඩම වූ බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad