හිටපු කතානායක යලි ක‍්‍රියාත්මකයි.. හූල් නිසා ව්‍යවස්ථා සභාව ඇවිලෙයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 26, 2020

හිටපු කතානායක යලි ක‍්‍රියාත්මකයි.. හූල් නිසා ව්‍යවස්ථා සභාව ඇවිලෙයි !

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය නොදෙන ලෙද අගවමින් ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් විසින් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශය හේතුවෙන් පෙරේදා දිනයේ රැස්වූ ආණ්ඩුකම ව්‍යවස්ථා සභාව දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත්ව ඇත.

අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාවට ලැබී තිබූ ලිපියක් මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණ ද ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා සභාවට ඉදිරිපත් කර තිබිණි.

අදාළ ලිපිය සහ කොමිසමේ නිරීක්ෂණ සම්බන්ධයෙන් සභාවේ සාමාජිකයන් එහිදී වෙන වෙනම අදහසක් ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ.

මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විසින් අදාල ප‍්‍රකාශය යාපනයේ දී දෙමල බසින් සිදු කරන ලද්දකි.


No comments:

Post a Comment

Post Bottom Ad