තොණ්ඩමන් මිය යන්න පැය කිහිපයකට කලින් මා හමුවුනා.. ඉල්ලූ දේවල් අගමැති හෙලි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 1, 2020

තොණ්ඩමන් මිය යන්න පැය කිහිපයකට කලින් මා හමුවුනා.. ඉල්ලූ දේවල් අගමැති හෙලි කරයි

හිටපු ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා ජීවිතයෙන් සමුගන්න පැය කිහිපයකට කලින් පැමිණ තමන් හමු වූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ අවස්ථාවේදීද ඔහු තමන් සමඟ කතාබස් කළේ වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න ගැන යයිද අගමැතිවරයා පැවසීය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම ගැනද සාකච්ඡා කළ බවත් පැවසූ අගමැතිවරයා ඊට පසුදාම තමන් එම ඉල්ලීම් සියල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද සඳහන් කළේය.

අගමැතිවරයා මෙම අදහස් පළ කළේ අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවෙන් පැවති අවමංගල සභාව අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad