සමඟි ජන බලවේගයේ නිර්මාතෘ එජාප කෘත්‍යාධිකාරීයයි - සජිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 1, 2020

සමඟි ජන බලවේගයේ නිර්මාතෘ එජාප කෘත්‍යාධිකාරීයයි - සජිත්

සමඟි ජන බලවේගයේ නිර්මාතෘ එජාප කෘත්‍යාධිකාරීයයි - සජිත්

සමඟි ජන බලවේගයේ නිර්මාතෘ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වන හෙයින් සමඟි ජන බලවේගය සමඟ කටයුතු කරන කිසිදු සාමාජිකයෙකුට එරෙහිව කිසිදු ආකාරයක විනය පරීක්ෂණ පැවැත්වීමට අයිතියක් නැති බව හිටපු විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. 

සමඟි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ යෝජනා ස්ථිරත්වයෙන් කළ වැඩසටහනක් වන නිසා ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් ද නොමැති බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පසුගිය ජනවාරි 30 දා පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නව දේශපාලන සන්ධානයක්, එහි නායකත්වයත් අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වයත් තමන් වෙත ලබා දීමටත් එම නාම යෝජනා මණ්ඩලයේ සභාපතිත්වයත් ලබා දීමටත් එකඟ වූ බව ප්‍රේමදාස මහතා පෙන්වාදෙයි. 

එහෙයින් ප්‍රවෘත්ති නිවේදනය හරහා මෙන්ම විවිධ තර්ජන ගර්ජන වලින් සිදුකරන බොරු ප්‍රචාරවලට එජාපයේ කිසිවෙකු හෝ නොරැවටෙන ලෙසයි හිටපු විපක්ෂ නායකයා සිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියි. 

No comments:

Post a Comment

Post Bottom Ad