මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අගෝස්තු 06 වැනිදා මධ්‍යම රාත‍්‍රියට පෙර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 13, 2020

මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අගෝස්තු 06 වැනිදා මධ්‍යම රාත‍්‍රියට පෙර

මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අගෝස්තු 06 වැනිදා මධ්‍යම රාත‍්‍රියට පෙර

පාර්ලිමේන්තු මහා මැතිවරණ ඡන්ද විමසීම සිදුකරන දිනයට පෙර කිසියම් ප‍්‍රදේශයක බලවත් ලෙස ‘කොවිඞ් 19’ ආසාදිත පොකුරක් මතු වුවහොත් එම ප‍්‍රදේශයේ ඡන්ද විමසීම වෙනත් දිනයක සිදු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.
 
මේ නිසා එවැනි තත්ත්වයක් මතු වුවහොත් මැතිවරණයේ සමස්ත ප‍්‍රතිඵලය නිකුත් කිරීමද ප‍්‍රමාද වන බව ඔහු පෙන්වා දුන්නේය.
 
ඡන්ද විමසීම සිදුකරන දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්ද දායකයන් රඳවා සිටියහොත් ඔවුන්ට ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසන බව ද ඒ මහතා සඳහන් කළේය.
 
කිසිදු ගැටලූවකින් තොරව රට පුරාම එකවර ඡන්ද විමසීම සිදුකිරීමට හැකි වුවහොත් පසුදින එනම් අගෝස්තු මස 6 වැනිදා මධ්‍යම රාත‍්‍රියට පෙර අවසන් ප‍්‍රතිඵල නිකුත් කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.

No comments:

Post a Comment

Post Bottom Ad