ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 13, 2020

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ?

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ?

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට බොහෝදුරට ඉඩකඩ ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පවසයි.

ඒ, පාකිස්තානය මෙවර තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනැමීමට කැමැත්ත පළ කිරීම හේතුවෙනි.

ඒ අනුව තරඟාවලිය සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිතය.

පාකිස්තානයේ තරඟාවලිය පැවැත්වුවහොත් ඉන්දියාවේ සහභාගීත්වය අවිනිශ්චිතවීම සහ ශ්‍රී ලංකාව කොවිඩ් 19 පාලනය සාර්ථකව සිදුකිරීම මෙවර ආසියානු කුසලාන තරඟාවලිය මෙරටට හිමි වීමේ අවස්ථාව ඉහළ නංවා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad