Corona : ත‍්‍රිකුණාමලය විදුර නාවුක හමුදා කදවුරු වසා දැමේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2020

Corona : ත‍්‍රිකුණාමලය විදුර නාවුක හමුදා කදවුරු වසා දැමේ !

ත්‍රිකුණාමලය සාම්පූර්හි පිහිටි විදුර නාවික හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර සිටි නාවික හමුදා සාමාජිකයන්ගේ කොරෝනා පරීක්ෂාව සඳහා ගිලන් රථයකින් ගමන් ගත් නාවික හමුදාව වෛද්‍යවරයෙකු ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයක් නිරෝධාන සඳහා යොමු කර තිබේ.

එම ගිලන් රථය පැදවූ රියදුරා කොරෝනා ආසාදිතයකු බව හෙළි වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

අදාළ රියදුරා විදුර කඳවුරේ තැන් කිහිපයකම සැරිසරා තිබීම හේතුවෙන් විදුර නාවික හමුදා කදවුර කිසිවකුට ඇතුළුවීමට හා පිටවීමට තහනම් කරමින් හුදෙකලා කර ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad