ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සූදානමින් ඉන්න - මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයාධිපතිනියට දැනුම් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2020

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සූදානමින් ඉන්න - මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයාධිපතිනියට දැනුම් දෙයි

හමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයාධිපතිනියට ඊයේ (28) දැනුම් දී ඇත. මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුව ලැබුණු විගස ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කෙරෙන බැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය කටයුතු සැලසුම් කරගන්නැයි ද මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බවයි.

මැතිවරණ කොමිෂන් සභාවෙන් ඇනවුම ලැබෙන ඕනෑම අවස්ථාවක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර භාරදීමට රජයේ මුද්‍රණාලය සූදානමින් සිටින බවද ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

කොවිඩ් 19 හේතුවෙන් මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේදී වෙනස්කම් රැසක් කිරීමට සූදානම් බව කී  රජයේ මුද්‍රණාලයාධිපතිනිය කොවිඩ් 19 ගැන ඡන්දදායකයන් දැනුවත් කිරීමේ උපදෙස් ආදිය ද ඡන්ද පත්‍රිකාවලට ඇතුළත් කරන්නට සිදුවනු ඇති බව කීවාය.

ඉකුත් අප්‍රේල් මස 25 වැනිදා පවත්වන්නට නියමිතව තිබූ මහ මැතිවරණය කොරෝනා වසංගතය හේතුවෙන් ලබන මස 20 වැනිදා දක්වා කල්දමනු ලැබුව ද දැනට පවතින තත්ත්වය අනුව එදින මැතිවරණය පැවැත්වීමට නොහැකි වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුව ලැබුණු විගස මැතිවරණ දිනය  ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ


No comments:

Post a Comment

Post Bottom Ad