හරීන් අපරාධ කොට්ඨාශයට අද කැදවයි.. පැමිණිල්ල කාවින්ද ජයවර්ධනගෙන් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 28, 2020

හරීන් අපරාධ කොට්ඨාශයට අද කැදවයි.. පැමිණිල්ල කාවින්ද ජයවර්ධනගෙන් !

මගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට අද කැඳවා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ යැයි කියන සමලිංගික වීඩියෝවක් සමාජජාලාවල මුදා හැරියේ යැයි ලද පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ කැඳවීම් කර ඇත.

පැමිණිල්ල කර ඇත්තේ කාවින්ද ජයවර්ධන මහතා විසිනි.

අදාල වීඩියෝ පටය තමනට ලැබුවේ හිටපු ඇමති හරින් ප්‍රනාන්දු මහතාගෙන් යයි සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පොලිසිය ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇති නිසා මෙම කැඳවීම කර ඇත.

හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මියගෙන්ද මේ සම්බන්ධයෙන් මීට පෙර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad