මැතිවරණය තියන්න උපදෙස් මාලාව සෞඛ්‍ය බලධාරියා මැතිවරණ කොමිසමට බාර දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 28, 2020

මැතිවරණය තියන්න උපදෙස් මාලාව සෞඛ්‍ය බලධාරියා මැතිවරණ කොමිසමට බාර දෙයි

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සදහා වූ විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ඉදිරි දින 2ක කාලය තුළ මැතිවරණ කොමිසන් සභාවට ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරීම සිට ඡන්දය නිමවී ප්‍රතිඵල නිකුත් කිරීම දක්වාම සියලු ක්‍රියාමාර්ගයන් සඳහා වෙන වෙනම මාර්ගෝපදේශනයන් ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණයේදී අපේක්ෂකයන් කටයුතු ආකාරය, ඡන්ද දායකයන් කටයුතු කළ ආකාරය, රැස්වීම පවත්වන ආකාරය ආදී සියලු කාරණා සම්බන්ධයෙන් මෙහිදී මාර්ගෝපදේශ සපයන බව ද ඔහු පැවසීය.

රට තුළ සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම මේ වනවිට පාලනය කර ඇති බවද කී ඔහු රටේ අනෙකුත් කටයුතු ඊට සමාන ඉදිරියට පවත්වාගෙන යා යුතුව ඇති බව ද කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad