ඔප්ශන් දෙකයි... එක්කෝ මිලිටරි පාලනයකට, නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට - නාමල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2020

ඔප්ශන් දෙකයි... එක්කෝ මිලිටරි පාලනයකට, නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට - නාමල්

ටට ඉතිරි වී ඇත්තේ විකල්ප දෙකක් පමණක් බවත් ඒ, එක්කෝ සම්පූර්ණ මිලිටරි පාලනයකට යාම හෝ එසේ නොමැති නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යාම බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
"අපට ඔප්ශන් දෙකයිනෙ තියෙන්නෙ. එක්කෝ සම්පූර්ණයෙන් මිලිටරි පාලනයකට අපි යන්න ඕනෙ. එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අපි යන්න ඕනෙ.

අද අතිගරු ජනාධිපති ගෝ‍ඨාභය රාජපක්ෂ මැතිතුමාත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට යන්න, මැතිවරණයට යන්න පාර්ලිමේන්තුව විසුරුවලා තියෙනවා. විපක්ෂයේ මේ දෙගොල්ලො උත්සාහ කරන්නෙ පුළුවන් තරම් මැතිවරණය කල්දාන්න.

ඉතිං අපට තේරෙන දේ තමයි තමන්ගෙ ආණ්ඩු කාලෙදි ඩෙංගු පාලනය කරගන්න බැරිවෙච්ච එක්සත් ජාතික පක්ෂය අද මැතිවරණ කොමිසමට උපදෙස් දෙනවා, මැතිවරණ තියන්න ඕනෙ කොහොමද කොරෝනා ඇතුළෙ කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මැතිවරණය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්වය පිළිබඳ මාධ්‍යවේදීන් ඊයේ (28) නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad