පතාලය හිස ඔසවයි, මොරටුවේ වෙඩි වරුසාවක් - ජන ජීවිත රැක ගන්නයි සමාජජාලා වලින් පාලකයන්ට ඉල්ලීමක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2020

පතාලය හිස ඔසවයි, මොරටුවේ වෙඩි වරුසාවක් - ජන ජීවිත රැක ගන්නයි සමාජජාලා වලින් පාලකයන්ට ඉල්ලීමක් !

මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට පසුගිය 28දා එල්ල වූ වෙඩි ප්‍රහාරය දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූයේ එහි ආරක්ෂාවට පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද සිටියදීයී.
දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබූ පසුගිය 19 වනදා මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මොටර් රථයකින් පැමිණි පිරිසක් කඩු වලින් පහරදී හානිකර තිබේ.

එහිදී සැකකරුවෙකු හෝටලයේ සේවය කළ පුද්ගලයෙකුට කඩු ප්‍රහාරයක්ද එල්ල කර තිබුනි. සිදුවීම සම්බන්ධයෙන් පොලිසීයට නොයන හෝටලයේ හිමිකරුට දින කිහිපයකට පසු ඩුබායි රාජ්‍යයනේ දුරකථ ඇමතුමක් ලැබී ඇත.

වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුනේ ඉන්පසුවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමග පාතාලය හිස ඔසවමින් ඇතැයි සමාජජාලා මාධ්‍යයන්ගේ කතාබහක් ඇතිව තිබේ. ඒත් සමගම සමාජජාලා ක්‍රියාකාරිකයන් බොහෝ දෙනා පාලකයන්ගෙන් ඉල්ලා තිබුනේ පාතාලය මර්ධනය කර ජන ජීවිත සුරක්ෂිත කරන ලෙසටයි.

මෙලෙසින් පාතාලය ක්‍රියාකාරී වීම රටේ ජන ජීවිතයට දැඩි තර්ජනයක් බවටද ඔවුන් ප්‍රකාශ කර තිබුනා.


No comments:

Post a Comment

Post Bottom Ad