මෙරට පුද්ගලයන් 4836 දෙනෙකු මධ්‍යස්ථාන 44ක තවමත් නිරෝධායන වෙමින් පවතී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2020

මෙරට පුද්ගලයන් 4836 දෙනෙකු මධ්‍යස්ථාන 44ක තවමත් නිරෝධායන වෙමින් පවතී


නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව පුද්ගලයන් 4836 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 44ක රදවා සිටින බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන මගින් මේ වන විට පුද්ගලයන් එකළොස් දහසක් පමණ නිරෝධායන ක්‍රියාවලියට ලක් කොට නිවෙස් බලා පිටත් කර හැර තිබේ.

මේ අතර ගෝල්ඩ් සෑන්ඩ් හෝටලය , දියගම , බුස්ස සහ රුවල යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව පි.සි.ආර් පරික්ෂණයට ලක්කොට ඊයේ නිවෙස් වෙත පිටත් කර හැරි බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර බෙලරූස් රාජ්‍යයේ සිට ශ්‍රි ලාංකිකයන් 277 දෙනෙකු ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ රාත්‍රි දිවයිනට පැමිණියේය.

එම පිරිස යුධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත මේ වන විට යොමු කර තිබෙනවා.

මේ අතර අද එංගලන්තයේ ලන්ඩන් සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරවල සිට ශ්‍රි ලාංකිකයන් පිරිසක් මෙරටට රැගෙන ඒමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad