එජාපයේ 100ක් පක්ෂයෙන් නෙරපා නෑ - අකිලගේ ලියුම අවුලෙන් අවුලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2020

එජාපයේ 100ක් පක්ෂයෙන් නෙරපා නෑ - අකිලගේ ලියුම අවුලෙන් අවුලට

මඟි ජන බලවේගයෙන් නාම යෝජනා භාර දීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 100කට ආසන්න සාමාජිකයන් පිරිස පක්ෂයෙන් නෙරපා නැති බවත් කර තිබෙන්නේ ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම බව පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව පක්ෂ සාමාජිකයන් වෙත යැවීමට සකස් කොට ඇති ලිපියේ සටහන් බව වාර්තා වේ.
සාමාජිකයන් වෙත යැවීමට සකසා ඇති ලිපි එජාප මහ ලේකම්වරයා විසින් ප්‍රථමයෙන් මාධ්‍ය වෙත නිකුත් කොට ඇති අතර යමෙක් විනයානුකූල ක්‍රියාමාර්ග වලින් පසු සාමාජිකයෙක් පක්ෂයෙන් නෙරපීමට වසරකට වඩා කාලයක් ගත වන බව සිරිකොත ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ප්‍රථමයෙන් නිදහසට හේතු විමසීම (ඒ සඳහා හේතු ලබා දෙන්නාට අවශ්‍ය නම් මසකට වඩා වැඩි කාලයක් ගැනීමට හැකි වීම), විනය කමිටුවක් දැමීම, පරීක්ෂණ සිදු කිරීම, ප්‍රතිවිරෝධතා සැලකීම හා අවසානයේ දෙන තීන්දුව අධිකරණයේදී අභියෝගයට ලක් කිරීම යන ඉතා දිගු විනයානුකූල වැඩසටහන අවසන් කිරීමට වසරකට වඩා කල් ගතවන බව වාර්තා වෙයි.

එම ක්‍රියාමාර්ග ගැනීම මහා මැතිවරණයට පෙර කිසිසේත්ම අවසන් කළ නොහැකි බවත් සමගි ජන බලවේගය ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒෂියන් මිරර්


No comments:

Post a Comment

Post Bottom Ad