පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනපති කොමිසම හමුවේ සාක්ෂි විමසීට අද පුද්ගලයින් 05 දෙනෙකු කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 18, 2020

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනපති කොමිසම හමුවේ සාක්ෂි විමසීට අද පුද්ගලයින් 05 දෙනෙකු කැඳවයි


පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කිරිම සඳහා පත්කර ඇති ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව වෙත අද(18) දිනයේ පුද්ගලයින් 05 දෙනෙකු කැඳවා තිබේ.

එම කොමිෂන් සභාව සඳහන් කළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් 02 දෙනෙකු , කටාන ප්‍රාදේශිය ලේකම් එච්.එච් කිරිඇල්ල මහතා සහ මිගමුව කටුවාපිටිය ප්‍රදේශයේ සිවිල් වැසියන් දෙදෙනෙකු විවෘත සාක්ෂි විමසීම සඳහා කැඳවා ඇති බවයි.

අද දහවල් 12.30 සිට සාක්ෂි විමසිම ආරම්භ කරන බව ජනාධිපති පරික්ෂන කොමිෂන් සභාව සඳහන් ක‍ළේය.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්වය හමුවේ මෙම ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසිම් තාවකාලිකව නතර වි තිබු අතර එහි කටයුතු පසුගිය 14 වනදා සිට යළි ආරම්භ කෙරුණි.




No comments:

Post a Comment

Post Bottom Ad