ඉන්දියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තියේ කේන්ද්‍රය වූ දිල්ලියෙන් ඊයේ නව ආසාදිතයන් 356 දෙනෙකු සොයාගෙන ඇත.
එය මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම සංඛ්‍යාව බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව එහි ආසාදිතයින් සංඛ්‍යාව 1510ක් දක්වා ඉහළ යන අතර තවත් පුද්ගලයින් 4 දෙනෙකු මිය යාමත් සමඟ දිල්ලියේ මුළු මරණ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වන විට 10,500කට ආසන්න වී ඇති අතර එරටින් කොරෝනා මරණ 358ක් ද වාර්තා විය.
දිල්ලියේ සෞඛ්‍ය සේවකයන් 43 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් 22ක් දිල්ලි පිළිකා රෝහලේ සේවයේ නිරත පුද්ගලයින් වේ.
ඉන්දියාව පුරා සෞඛ්‍ය සේවකයන් 90 දෙනෙකුට මේ වන විට වෛරසය ආසාදනය වී තිබේ.
මුම්බායි පුරවරය ඇතුළත් ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ ද නව කොරෝනා ආසාදිතයන් තුන්සිය හතලිස් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර, එහි මුළු ආසාදිත සංඛ්‍යාව 2000කට අධිකයි. මුම්බායි පුරවරයෙන් පමණක් කොවිඩ් නයින්ටීන් මරණ 101ක් වාර්තා වී තිබේ.
මේ අතර, අග්‍රා පුරවරයේ ටජ් මහල් මන්දිරයට කිලෝමීටර් 6ක් ආසන්නයේ පෙරලුණු කිරි බවුසරයකින් විසිරී ගිය කිරි එහි සුනඛයන් පානය කරද්දී, අනෙක් පසින් එම කිරි සිය පවුලේ සාමාජිකයන් සඳහා එක්රැස් කළ පුද්ගලයෙකුගේ වීඩියෝ දසුනක් ඉන්දීය මාධ්‍ය අද විකාශය කළේය.
No comments:
Post a Comment