පිරිසක් ගම පුරා කොරෝනා පතුරද්දි පියෙක් තම දරුවාගේ මළ ගමටත් නොයා නිරෝධායනයේ! (Vedio) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 29, 2020

පිරිසක් ගම පුරා කොරෝනා පතුරද්දි පියෙක් තම දරුවාගේ මළ ගමටත් නොයා නිරෝධායනයේ! (Vedio)

අවිස්සාවේල්ල ඇස්වත්ත ප්‍රෙද්ශයේ පදිංචි වෘත්තියෙන් සංචාරක බස් රථ රියෙදුරෙකු වන නිරෝෂ් මංජුල පසුගිය 24 වැනිදා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ස්වයං නිරෝධායනයට ලක්ව තිබේ.

ඒ සිය නිවස අසල පිහිටි ඔහුට අයත් තවත් නිවසකදියි. ‍මේ අතර ඊයේ (28) දින ඔහුගේ වැඩිමහල් දියණිය හදිසියේ ජීවන ගමනෙන් සමුගත්තේ අසනීප තත්වයක් හේතුවෙනි.

එහෙත් තමන්ගෙන් සමාජයට කොරෝනා බෝ වීමට ඉඩ ඇතැයි ඔහු තම දියණියෙගේ දේහය බැලීමටවත්  නිවසට නොගිය බව වාර්තා වෙයි.

අවසානයේ දියණි⁣යගේ දේහය කනත්තට ගෙන ගිය පසු සියලු දෙනා ඉවත් කර ඔහු සිය දියණියට අවසන් ගෞරව දැක්වීමට ද වගබලා ගත්තේය.

මේ ආකාරයට පිරිසක් සිය සමාජ වගකීම ඉටු කරන විට තවත් පිරිසක් නිරෝධායන නීති කඩකිරීම සහ නිරෝධායනය නොවී රටටම කොරෝනා බෝ කිරීම කනගාටුදායකය.

 

No comments:

Post a Comment

Post Bottom Ad