SM තොගේට වැලි ගොඩදාන්න බොරළු කපන්න බලපත්‍ර ගනියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 15, 2020

SM තොගේට වැලි ගොඩදාන්න බොරළු කපන්න බලපත්‍ර ගනියි

 බොරළු හා වැලි ගොඩ දැමීමේ බලපත්‍ර විශාල ප්‍රමාණයක් ඉඩම් හා ඉඩම් සංවර්ධන, පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා විසින් පතල් කැණීම් හා භූ විද්‍යා කාර්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලුම්කර තිබේ.

මේ වන විට ඔහු මුලතිව් ප්‍රදේශයේ බොරළු කැපීමට බලපත්‍ර 300කට අධික ප්‍රමාණයක්ද, මන්නාරම ප්‍රදේශයට බලපත්‍ර 200ක් හා කිලිනොච්චිය ප්‍රදේශයට බලපත්‍ර 200ක් ලබා ගැනීමට මෙලෙස ඉල්ලීම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පලව තිබේ.

ඊට අමතරව වැලි ගොඩදැමීම සඳහා 560 ක ලයිස්තුවක් පතල් කැණීම් හා භූ විද්‍යා කාර්‍යංශයට යොමුකර ඇති බවද පැවසේ.

බොරළු කැපීම හා වැලි ගොඩදැමීමේ බලපත්‍ර සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි මාසයේ දී එස්.එම්. අමාත්‍යවරයා සිදු කරන ලද ප්‍රකාශය අදාළ තත්ත්වයත් සමඟ සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව මේවන විට හෙළිව තිබේ.

අදාළ ප්‍රකාශය පහත දැක්වේ.

චන්ද්‍රසේන අමාත්‍යවරයා විසින් එසේ බොරළු බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම් කරන ලද ලිපි කිහිපයක් පහත දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad