කොවිඩ් 19 රෝගින් සංඛ්‍යාව ඉහළ යාමේ ඉක්මන් ප්‍රවණතාවක් ඇතිවුවහොත් දැනට පවතින රජයේ රෝහලක් කොවිඩ් 19 සඳහා වු රෝහලක් බවට පරිවර්තනය කරන බව වසංගත විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර කියයි.
චීනයේ හෝ ඉතාලියේ මෙන් රෝග ආසාදිතයන් සංඛ්‍යාව වහා ඉහළ ගියහොත් එම පියවර ගන්නා බව ඔහු පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහල නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයෙකුටත් කොරෝනා
මේ අතර, විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
විදේශ සබඳතා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, වෛද්‍ය උපදෙස් මත මේ වනවිට නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
අදාළ නිලධාරිනිය සිකුරාදා සිට ස්වයං නිරෝධායනයකට ද යටත් කර ඇති අතර ඇය සමග අදාළ කාලසීමාවේ රාජකාරි කළ කාර්ය මණ්ඩලය ද ස්වයං නිරෝධායනය කිරීමට උපදෙස් දී ඇතැයි, අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
රටවල් 11ක කොන්සියුලර් සේවා නවත්වයි
කොරෝනා වයිරස ව්‍යාප්තියක් සමග රටවල් 11ක පිහිටි රාජ්‍යතාත්ත්‍රික කාර්යාලවල කොන්සියුලර් සේවා හෙට සිට සීමා කීරීමට විදේශ සබඳතා අමාත්‍යංශය තීරණය කර තිබේ.
එම කාර්යාල වන්නේ ඉතාලිය ,ඉරානය,දකුණු කොරියාව,ප්‍රංශය ,ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්විඩනය හා ඔස්ට්‍රියාවයි
ලොව පුරා විවිධ රටවල් පනවා ඇති ගුවන් ගමන් තහනම් හේතුවෙන් මේ පියවර ගත් බව විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කළේ ය.
Sunday, March 15, 2020
කොරෝනාවලට වෙනම රෝහලක්: නිලධාරිනියකගේ ඥාතියකුට කොරෝනා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment