කොරෝනා නිසා මානව හිමිකම් කොමිසමත් වසා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 18, 2020

කොරෝනා නිසා මානව හිමිකම් කොමිසමත් වසා දමයි

කොරෝනා නිසා මානව හිමිකම් කොමිසමත් වසා දමයි

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව නැවත දැනුම් දෙනතුරු පැමිණිලි භාරගැනීම 1996  ක්ෂණික දුරකථන අංකය ඔස්සේ පමණක් සිදුකරන බව ඊයේ (17) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එහි සභාපතිනි  දීපිකා උඩගම මහත්මියගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ මාර්තු මස 20 වැනි දින සිට අප්‍රේල් මස 10 වැනි දිනය දක්වා සැළසුම් කර තිබූ පැමිණිලි විමර්ශන කටයුතු සහ විභාග කිරීම් ද නැවත දැනුම් දෙනතුරු කල් තබන බවයි.

මෙය රටතුළ මතුව ඇති සෞඛ්‍යමය අභියෝග සැළකිල්ලට ගෙන මහජන සුබසිද්ධිය සලකා බලා ගත් තීරණයක් බව ද උඩගම මහත්මිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad