බුස්ස හමුදා කඳවුරේත් නිරෝධායන මධ්‍යස්ථානයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 18, 2020

බුස්ස හමුදා කඳවුරේත් නිරෝධායන මධ්‍යස්ථානයක්

බුස්ස හමුදා කඳවුරේත් නිරෝධායන මධ්‍යස්ථානයක්

නව කෙරෝනා හෙවත් ‘‘කොවිඩ් - 19’ වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා සහයෝගය දැක්වීමේ ජාතික වගකීමට උරදෙමින් නාවික හමුදාව මාර්තු 16 වන දින බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදි

නව කෙරෝනා හෙවත් ‘‘කොවිඩ් - 19’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බූස්ස නාවික හමුදා කඳවුරේ මහල්  හතරකින් (04) යුත් ගොඩනැගිල්ලක් නිරෝධායන කටයුතු සඳහා මෙසේ සූදානම් කරන ලද අතර, මේ සඳහා නාවික හමුදා පුද්ගලයින් වෙත අවශ්‍ය උපදෙස් හා පුහුණුවීම් ලබා දීම කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය්‍ය මණ්ඩලයක් විසින් සිදු කරන ලදි.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුල පුද්ගලයින් 136 දෙනෙකු හට නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ඇත.

නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිණෙන පුද්ගලයින් හට අවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, වයිෆයි පහසුකම්, රූපවාහිනී,  විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර ආදී සියලු පහසුකම්  ලබා දීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇති අතර, නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ නාවික හමුදා සූපවේදීන් විසින් පිසින ලද පෝෂ්‍යදායි ආහාර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නන් හට ලබා දීමටද අවශ්‍ය සියලු  කටයුතු සූදානම් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad