කොරෝනා වෛරසය වැලදී ඇති බව වසන් කරමින් සිටි නම් එවැනි පුද්ගලයින්ට මාස 6ක සිර දඬුවම් නියම කල හැකි බව පොලීසිය දැනුම් දෙයි.
පොලිස් මුලස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවේදි නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.
ඔහු පැවසුවේ එවැනි පුද්ගලයින්ව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම සමාජ ජලා ඔස්සේ අසත්‍ය ප්‍රකාශ පතුරවන පිරිස් සම්බන්ධයෙන්ද නිතීය ක්‍රියාත්මක කරන අතර මේ වන විට එවැනි අසත්‍ය ප්‍රචාර සිදු කර 23දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා දැනුම් දුන්නේය.
පුද්ගලික සාද සම්බන්ධයෙන් පොලීසිය කටයුතු නොකරන නමුත් විවාහ උත්සව වැනි කටයුතු වලදි දැඩිව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට දැනුම් දෙන බවද ඒ මහතා පවසයි.
තවද සෑම පොලිස් ස්ථානයකම නිරෝධායනය සම්බන්ධයෙන් දැනුවත් නිලධාරින් 7දෙනෙකු අදාල කටයුතු සඳහා යොදවා ඇති බවද එහිදි දැනුම් දුන්නේය.
යම් කිසි අවස්ථාවකදි ඔබ අසල සිටින පුද්ගලයෙකුට කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් වහාම අදාල ආයතන වෙද දැනුම් දෙන ලෙසත් පොලිස් ක්ෂණික ඇමතුම් අංකය වන 119 දුරකථන අංකයට වහාහ දැනුම් දෙන ලෙසටත් පොලිසිය අවධාරණය කරයි.
– adaderana
Monday, March 16, 2020
කොරෝනා වැලදී සැගවී සිටියොත් මාස හයක සිර දඬුවම්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment