කොරෝනා නිසා කොළඹ වායු දූෂණය පහළ යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2020

කොරෝනා නිසා කොළඹ වායු දූෂණය පහළ යයි

කොරෝනා නිසා කොළඹ වායු දූෂණය පහළ යයි

ගත වූ දින කිහිපය තුළ කොළඹ නගරයේ ද වායු දූෂණ මට්ටම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසයි.

රථ වාහන ධාවනය අඩුවීම සහ කාර්මික කටයුතු අඩු වීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ගෝලීය වායු දූෂණය සහ කාබන්ඩයොක්සයිඞ් මට්ටම සීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවත අනාවරණ වී ඇත.

නිව්යෝක් හි පර්යේෂණ කණ්ඩායමක් සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෝටර් රථවලින් පිටකරන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සියයට 50 කින් අඩුවී ඇති බවයි.

එමෙන්ම, පෘථිවියේ තාප වායු විමෝචනය ද සීඝ්‍ර ලෙස පහත වැටී තිබේ. වෛරසයේ ව්‍යාප්තියත් සමග ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් අඩාල වීම නිසා, බලශක්ති හා ප්‍රවාහනයට සම්බන්ධ විවිධ වායු විමෝචන තත්ත්වයන් පහත වැටීම මීට හේතුව ලෙස අදාළ පර්යේෂණ කණ්ඩායම පෙන්වා දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad