කොරෝනා අස්සේ කරාපිටිය රෝහලේ හෙදියන් පිරිසක් දුම්රියෙන් විනෝද චාරිකාවක් ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2020

කොරෝනා අස්සේ කරාපිටිය රෝහලේ හෙදියන් පිරිසක් දුම්රියෙන් විනෝද චාරිකාවක් ගිහින්

මේ වනවිට රට තුළ ඇති හදිසි සහගත තත්ත්වය සැලකිල්ලට නොගනිමින් ගාල්ල කරාපිටිය රෝහලේ හෘද උරස් ශල්‍ය ඒකකයේ හෙදියන් පිරිසක් හා භෞත චිකිත්සකවරියක් ඇතුළු පිරිසක් ඊයේ (18) විනෝද චාරිකාවක් ගොස් ඇති බවත් එසේ ගොස් ඇත්තේ දුම්රියෙන් බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
රට තුළ මෙවන් හදිසි තත්ත්වයක් තිබියදී මෙසේ සංචාරය කර නැවත පැමිණ රෝගීන් සමඟ කටයුතු කිරීමේදී යම්කිසි ලෙසකින් අදාළ රෝගය වැලඳී තිබුණහොත් එය සියලුම රෝගීන්ට කරන අසාධාරණයක් බව ජනතාව පවසනවා.

කෙසේ නමුත් අප මේ පිළිබඳව ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ සම්පත් රණවීරගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ ඔවුන් එසේ ගොස් ඇත්තේ පෞද්ගලික චාරිකාවක් බවත් නිවාඩු අනුමත කරගනිමින් ගිය චාරිකාවක් නිසා ඒ සඳහා තමාට විරුද්ධ වීමට නොහැකි බවයි. කෙසේ නමුත් රට තුළ කරන ලද සංචාරයක් නිසා ඔවුන් නිරෝධායනය කළ යුතු නැති බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසනවා.

ඉමදුව - ටී. විතානවසම්


No comments:

Post a Comment

Post Bottom Ad