මහ මැතිවරණය කල් දාන්න කිසිඳු තීරණයක් නෑ - මැ.කො කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 14, 2020

මහ මැතිවරණය කල් දාන්න කිසිඳු තීරණයක් නෑ - මැ.කො කියයි

මහ මැතිවරණය කල් දාන්න කිසිඳු තීරණයක් නෑ - මැ.කො කියයි

මහ මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 

කොරෝනා වෛරස් ව්‍යාප්තිය රට තුළ පාලනය කිරීමට හැකි වන්නේ නම් මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව ඔහු පෙන්වාදෙයි. 

ඔහු මේ බව පැවසුවේ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ පාර්ලිමේන්තුව වහාම කැදවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් දේශපාලන වාසි ලබා නොගත යුතුබව අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad