විග්නේෂ්වරන්ගේ පක්ෂය තවත් පක්ෂ තුනක් සමග සන්ධානගතවී යාපනයට නාමයෝජනා දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2020

විග්නේෂ්වරන්ගේ පක්ෂය තවත් පක්ෂ තුනක් සමග සන්ධානගතවී යාපනයට නාමයෝජනා දෙයි

විග්නේෂ්වරන්ගේ පක්ෂය තවත් පක්ෂ තුනක් සමග සන්ධානගතවී යාපනයට නාමයෝජනා දෙයි

උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ පක්ෂය වූ දෙමළ ජනතා ජාතික සන්ධානය නොහොත් ටී.එම්.ටී.කේ පක්ෂය විසින් තවත් පක්ෂ තුනක් සමග සන්ධානගතව යාපනය දිස්ත්‍රීක්කය වෙනුවෙන් නාමයෝජනා භාරදෙනු ලැබීය.

මේ අනුව ටී.එම්.ටී.කේ. පක්ෂය සමග සුරේස් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඊ.පී.ආර්.එල්.එෆ. පක්ෂය, ආනන්දි ශෂිධරන්ගේ දෙමළ ජාතික ස්වාධීන පක්ෂය, හා එන්.ශ්‍රීකාන්තාගේ දෙමළ ජාතික පක්ෂය මෙසේ සන්ධානගතව සී.වී.විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් නාමයෝජනා භාරදීම සිදු විය.

ඒ අනුව යාපනය දිස්ත්‍රීක්කය වෙනුවෙන්  නාමයෝජනා භාර දී ඇත්තේ ,

01 සී.වී.විග්නේශ්වරන් (කණ්ඩායම් නායක)

02 සුරේස් ප්‍රේමචන්ද්‍රන්

03 ආනන්දි ශෂිධරන්

04 එන්.ශ්‍රීකාන්තා

05 කේ.අරුන්තවබාලන්

06 එම්.කේ. සිවාලිංගම්

07 මීරා අරුලානන්දන්

08 සිර්බරන් තවචෙල්වම්

09 කන්දයියාරත්නකුමාර්

10 සිංහබාහුසිවකුමාර්

යන අයයි..

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad