මානව හිමිකම් කොමිසමේදී ගැටළු තවත් උග‍්‍ර වෙයි..මූල්‍ය අර්බුදයට මුහුණ ‌‌‌දෙන්න රජයට හැකියාවක් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 28, 2020

මානව හිමිකම් කොමිසමේදී ගැටළු තවත් උග‍්‍ර වෙයි..මූල්‍ය අර්බුදයට මුහුණ ‌‌‌දෙන්න රජයට හැකියාවක් නෑ

මානව හිමිකම් කොමිසමේදී ගැටළු තවත් උග‍්‍ර වෙයි..මූල්‍ය අර්බුදයට මුහුණ ‌‌‌දෙන්න රජයට හැකියාවක් නෑ

මූල්‍ය අර්බුදයට මුහුණ දීමට රජයට හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ බුලත්සිංහල බැල්ලපිටිය ප‍්‍රදේශයේ පාසල් දරුවන් 185 දෙනකුට පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයකට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,

"රජයට සහයෝගය ලබාදීමට කිසිදු රජයක් ඉදිරිපත් වන්නේ නැහැ. වත්මන් රජය යුරෝපා සංගමය පිළිගෙන නැහැ. තවත් මාස 06ක් අධ්‍යනය කිරීමෙන් පසු රජය පිළි ගැනීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. 

අධිරාජ්‍යවාදීන් යැයි කියා ගන්නා දේශපානඥයින් මේවා දකින්නේ නැහැ. විදේශ සංචිතය පහළ බැහැලා. ආර්ථික අර්බුදයෙන් ගොඩ  ඒමට රජයට කිසිදු විසඳුමක් නැහැ.  මැතිවරණ වලදී ආණ්ඩු මාරු වෙමින් ප‍්‍රතිපත්ති මාරු කරන රජයන්ට චීනය ආධාර ලබා දෙන්නේ නැහැ. 

ජනාධිපතිවරයාගේ චීන සංචාරයද අවලංගු කරලා. චීනයෙන් ශත පහක ආධාරයක් ලැබෙන්නේ නැහැ.ලෝකය තරහ කරගෙන ආණ්ඩු පවත්වා ගෙන යන්න බැහැ. මානව හිමිකම් කොමිසමේදී මෙම ගැටළු තවත් උග‍්‍ර වෙනවා. එහි බලපෑම එල්ල වන්නේ ජනතාවටයි. සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වන විට බඩු මිළ තවත් වැඩි වෙනවා. 

මානව හිමිකම් යෝජනා වලින් ඉවත් වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. බොරු දේශපේ‍මී මත ඉදිරිපත් කරලා වැඩක් නැහැ. ලෝකය පිළිගත් නීති රීති සමග ගමන් කළ යුතුයි. දේශපේ‍්‍රමය පෙන්වා ශ‍්‍රී ලාංකිකයින්ගේ ඡුන්ද ගන්න පුළුවන් නමුත් ලෝකය සමඟ ගණුදෙනු කිරීමේදී පපුවට කථා කරලා වැඩක් නැහැ. මොළය භාවිත කරලා තීන්දු තීරණ ගතයුතුයි."

 

No comments:

Post a Comment

Post Bottom Ad