කොළඹ ඉසිපතන මාවතේ ඉඩමක් බලෙන් අත්පත් කරගන්න මුස්ලිම් දේශපාලකයෙක් දත කයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 28, 2020

කොළඹ ඉසිපතන මාවතේ ඉඩමක් බලෙන් අත්පත් කරගන්න මුස්ලිම් දේශපාලකයෙක් දත කයි

දේශපාලන කණ්ඩායමකට සම්බන්ධ කිසියම් පිරිසක් විසින් කොළඹ ඉසිපතන මාවතේ පිහිටි ඉඩමක් බලහත් කාරයෙන් අත්පත් කර ගැනීමේ මෙහෙයුමක නිරතවී සිටින බව නෙත් ගොසිප් වෙත තොරතුරු වාර්තාවේ.

මෙය ලංකා ගෑස් සමාගමට අයිතිව තිබූ දැනට රජයට අයිති ඉඩමක් බවත් වාර්තාවේ.

පසුගිය දිනක මෙම ඉඩමට අතුළු වූ පුද්ගලයෙකු සඳහන් කර ඇත්තේ තමා මෙම ඉඩම රුපියල් මිලියන 3.5 කට මිලට ගත් බවයි.

කෙසේ වෙතත් මෙම ඉඩමේ අයිතිය කියමින් පෙරේදා (26) දිනයේදීද යම් දේශපාලකයෙකු, මෙම ඉඩමට ඇතුළු
වී ඇති ඇත බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි. ප්‍රදේශවාසීන් එම අවස්ථාවේ සිද්ධිය පිළිබඳ පොලීසියට දැනුම් දී අතර ඒ මොහොතේ අදාළ දේශපාලකයන් ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටව යාමට තැත්කර තිබේ.

ප්‍රදේශයේ මුස්ලිම් දේශපලකයෙකු විසින් මින් පෙරද ඉසිපතන මාවතෙහි ව්‍යාජ ඔප්පු සමගින් ඉඩමක් අත්පත් කරගෙන සිටි බව ප්‍රදේශ වාසීන් කියති.

ඉඩමේ අයිතිය කියමින් පෙරදින පැමිණි පුද්ගලයා සිංහල නමකින් පෙනී සිටින මුස්ලිම් ජාතිකයෙකු බවත් , ඔහු ප්‍රදේශවාසීන් ඉදිරිදේ සිංහල නාමයකින් පෙනී සිට , පොලීසිය පැමිණ සිද්ධිය පිළිබඳ විමසීමේදි මුස්ලිම් නාමයක් පවසා ඇතැයිද වාර්තාවේ.


No comments:

Post a Comment

Post Bottom Ad