රජයේ අධ්‍යක්ෂකම් දුන් අය ඒවා බාර නොගැනීමෙන් වැඩ අඩාලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 9, 2020

රජයේ අධ්‍යක්ෂකම් දුන් අය ඒවා බාර නොගැනීමෙන් වැඩ අඩාලයි

රජයේ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයන් පත්කර ඇතත් ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත් කිරීම් කර නොමැති නිසා ඒවා පවත්වාගෙන යාමේ ප්‍රායෝගික ගැටලු මතුව ඇති බව වාර්තා වේ.

වත්මන් ආයතනවල සිටිය යුතු අධ්‍යක්ෂ මණඩල සාමාජිකයන් ගණන එම ආයතනයේ ව්‍යවස්ථාවේ සඳහන් වන අතර එහෙත් ඇතැම් ආයතනවලට සිටිය යුතු සාමාජිකයන්ගෙන් අඩකට වඩා පත්කර නැතැයි පැවසේ.

තවත් ආයතන ගණනාවකම පත්කර සිටින අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මේ වනතුරුත් වැඩ භාර ගැනීම සඳහා නොපැමිණ ඇති බවද වාර්තා වේ.

සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුනට සහ අධ්‍යක්ෂ මණ්ඩලවල සාමාජිකයන්ට ලබාදෙන දීමනා සහ වරප්‍රසාද සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කිරීමත් සමග මෙම තත්ත්වය උදාවී ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය මත ආයතනවල තීන්දු තීරණ ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය රැස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad