පූජිත්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනපති නම් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 3, 2020

පූජිත්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනපති නම් කරයි

මන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී ඇත.

පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අදාළ පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී පෙත්සම්කාර පාර්ශවය සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සලකා බැලීම මැයි මස 26 වනදා තෙක් කල් තැබුවේය.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා ඉදිරිපත් කළ තවත් ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමට ද අවසර ලබා දුන්නේය.

පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගත් බවයි.

තමන්ව මෙලෙස අනිවාර්යය නිවාඩු යැවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ව්‍යවස්ථානුකූලව කිසිදු බලයක් නොමැති බව පෙන්වා දෙන පූජිත ජයසුන්දර මහතා මේ තුළින් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

එමෙන්ම තමන්ට යළි පොලිස්පති ධුරයේ කටයුතු කිරීමට හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙස ද පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad