සමන් රත්නප්‍රිය හෙට දිවුරුම් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 4, 2020

සමන් රත්නප්‍රිය හෙට දිවුරුම් දෙයි

සමන් රත්නප්‍රිය හෙට දිවුරුම් දෙයි

සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම ලබන 05 වැනිදා සිදු කෙරෙනු ඇත.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට සමන් රත්නප්‍රිය සිල්වා මහතා පත්කරන ලෙස, එම  පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා  දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම පත්කිරිමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින්  ජනවාරි 27 වැනිදා නිකුත් කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad