සයින්දමරුදු නගර සභාවක් කිරීම අත්හිටුවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 20, 2020

සයින්දමරුදු නගර සභාවක් කිරීම අත්හිටුවයි

සයින්දමරුදු නගර සභාවක් කිරීම අත්හිටුවයි

සයින්දමරුදු ප්‍රදේශය වෙනමම නගර සභාවක් බවට පත්කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගත් තීරණය තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතියේ ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශයන්හිද ඒ ආකාරයෙන් සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සළකා බලා සමස්ත ශ්‍රී ලංකාවේම එක් අවස්ථාවක වෙනස්කම් කිරිමට කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්ව තිබේ.

2018 වසරේදී එවකට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඉදරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මේ ආකාරයෙන් ඉදිරියට ගොස් ඇති බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad