"සබීතාපායේ ඉදි කිරීම් නීති විරෝධියි" - නීතිපතිගෙන් වාර්තාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 3, 2020

"සබීතාපායේ ඉදි කිරීම් නීති විරෝධියි" - නීතිපතිගෙන් වාර්තාවක්

කෘෂිකර්ම අමාත්‍යංශයට රුපියල් ලක්ෂ 240ක මාසික කුලියට ගත් මතභේදාත්මක ඩී.ඒ.පී ජයසිංහ ගොඩනැගිල්ල ඉදි කර තිබෙන්නේ ඉදිකිරීම් නීතිරීති වලට පටහැනිව බවට තොරතුරු නීතිපති වරයා විසින් හෙළිදරව් කර තිබේ. 

මෙම ගොඩනැගිල්ල සඳහා අනුමත කරන ලද උසට වඩා අඩි 33ක් එනම් තට්ටු 3ක් වැඩිපුර සාදා ඇති බවද නීතිපතිවරයා ප්‍රකාශ කරයි. 

මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපති වරයා සඳහන් කරන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍යංශයට මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමේදී කිසිදු පිළිගත හැකි කරුණක් ඉදිරිපත් කර නොමැති බවයි. 

එමෙන්ම මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමේදී රජයේ පටිපාටින් උල්ලංඝනය කර තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ. 

රාජගිරියේ පිහිටි මෙම ගොඩනැගිල්ල ප්‍රකට නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් එකකි. 

No comments:

Post a Comment

Post Bottom Ad