අපට නායකත්ව සටනක් උවමනා නෑ - තිස්ස අත්තනායක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 2, 2020

අපට නායකත්ව සටනක් උවමනා නෑ - තිස්ස අත්තනායක

අපට නායකත්ව සටනක් උවමනා නෑ - තිස්ස අත්තනායක

අග්‍රාමාත්‍ය අපේක්ෂක ධූරය හා ගොඩනැගීමට නියමිත නව සන්ධානයේ සියලු වගකීම්  සජිත් ප්‍රේමදාස මහතාට ලබාදි තිබෙන මොහොතක පක්ෂ නායකත්වය පිළිබඳව සටනක් අවශ්‍ය නොවන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

විපක්ෂ  නායක  කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ, තීරණය කර ඇත්තේ සන්ධානයක් සකස් කිරීමට බවත්, එය සියලු පක්ෂය එකතු වී සාදන දේශපාලන ව්‍යාපාරයක් බවත්ය.

එබැවින් එහි නායකත්ව සජිත් ප්‍රේමදාස මහතාට හිමිවිය යුතු බවත් පැවසු ඒ මහතා, එහි ක්‍රියාකාරීත්වය වෙනුවෙන් නායකත්වය ගැනීම ද ඔහුට හිමිව ඇති බවත් එය ඉතා සාර්ථක පියවරක් බවත් පැවසීය.

සියලු දෙනා එකතු වී මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළ යුතු බවත් පැවසු ඒ මහතා, නායකත්ව සටනක් අවශ්‍ය නොමැති බවත් කියා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් සුජීව සේනසිංහ මහතාගෙන් ප්‍රශ්න කීපයක් අසා සිටියේය.

ප්‍රශ්නය- ඔබ තුමා සහභාගී වුනෙත් නැද්ද?  කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඔබ තුමා නැද්ද? 

මෙයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, වර්ජනයක් සිදුවු බැවින් එයට සහභාගී නොවුන බවයි.

එය වර්ජනය කිරීමෙන් යම් ප්‍රතිඵලයක් හිමිවු බවත් ඒ අනුව සන්ධාන නායකත්වය හා මහලේකම් පත් කිරීමේ බලය සජිත් ප්‍රේමදාස මහතාට හිමි වු බවත් සුජීව සේනසිංහ මහතා පැවසීය.

ඒ අනුව පුළුල් සන්ධානය සැකසීමේ වැඩ කටයුතු සිදු කරමින් පවතින බවත් ඒ මහතා කියා සිටියේය.

ප්‍රශ්නය -ඔබ තුමාලා ඉල්ලුවේ පක්ෂ නායකත්වයනේ ?

මෙයට පිළිතුරු දෙමින් ඒ මහතා පවසා සිටියේ, අපි බලාපොරොත්තු වු අපේක්ෂකත්වය , විපක්ෂ නායකත්වය හා සන්ධාන නායකත්වය හිමි වු බවයි.

ඕනෑම ගමනක් හෙමින් යා යුතු බවත් පැවසු ඒ මහතා, තමා වසර 10 -12 ක් වැනි කාලයක් මෙම සටනේ සිටින බවත්, එය ජයග්‍රහණය කරමින් සිටින බවත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad