ආණ්ඩුව හඬපට වෙනුවෙන් දවස් 2ක් තුළ රුපියල් ලක්ෂ 92 ගානේ වියදම් කළා - විදුර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 2, 2020

ආණ්ඩුව හඬපට වෙනුවෙන් දවස් 2ක් තුළ රුපියල් ලක්ෂ 92 ගානේ වියදම් කළා - විදුර

ආණ්ඩුව හඬපට වෙනුවෙන් දවස් 2ක් තුළ රුපියල් ලක්ෂ 92 ගානේ වියදම් කළා - විදුර

අද වන විට රටේ දරුවන් මත්ද්‍රව්‍ය හේතුවෙන්  අනාරක්ෂිත බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

කළුතර ඉංගිරිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන්. 

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සුල මුල සෙවු විට ඒ සඳහා දේශපාලකයින්, රජයේ නිලධාරීන්, නිතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සම්බන්ධ බවත් ඒ මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

"වැටත් නියරත් ගොයම් කානම් කාටද කියන්නේ?  ඊට ඉදුරාම පටහැනිව ජන ජීවිතය විනාශ කරන, සමාජය වල පල්ලට ඇඳලා දාන වැඩ කටයුතු කොච්චර මේ රටේ සිද්ධ වෙනවාද? දවස් දෙකක් රුපියල් ලක්ෂ 92 ගානේ වියදම් කළා පාර්ලිමේන්තුව තඹ දොයිතුවක වැදගත්කමක් නැති කතන්දර අහන්න. මේවා නෙවේ ද අපරාධ? මේවත් අපරාධ. ජනතාව පාර්ලිමේන්තුවට නියෝජිතයින් පත් කරලා යවන්නේ ජනතාවගේ අයිතිවාසිකම් වරප්‍රසාද අලුතෙන් දිනලා දෙන්නටත් තියෙන වරප්‍රසාද අයිතිවාසිකම් තහවුරු කරන්නටත්."

No comments:

Post a Comment

Post Bottom Ad