ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමේ තීරණය ගැන ඩයස්පොරාව සහ බටහිර රටවල් 7ක් කලබල වෙයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 20, 2020

ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමේ තීරණය ගැන ඩයස්පොරාව සහ බටහිර රටවල් 7ක් කලබල වෙයි !

ජය ජිනීවා යෝජනාවලින් ඉවත්වීමට තීන්දු කිරීම නිසා කොටි ඩයස්පෝරාව ප‍්‍රමුඛ බටහිර රටවල් 7 ක් දැඩි කලබලයට පත් වී ඇත.

කොටි ඩයස්පෝරාවේ කණ්ඩායමක් පෙරේදා (18දා) බි‍්‍රතාන්‍යයේ සිට ජිනීවා වෙත පැමිණ මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරීන් හමු විය.

මෙම 30/1 ජිනීවා යොජනාවට එකග වූයේ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතාය.

ශ‍්‍රී ලංකා රජයේ මෙම හදිසි තීරණය ගැන බටහිර රටවල් 7 ක තානාපතිවරු ජිනීවාහිදී හදිසි සාකච්ඡාවක්ද පවත්වා ඇත.

මේ අතර රජයේ තීරණය ගැන දැනුම්දීම සඳහා විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ලබන සතියේදී ජිනීවා යෑමට නියමිතය.

මෙම යෝජනාවේ කරුණු දෙකකින් රජය ඉවත්වීමට ගත් තීරණය ගැන මැසිඩෝනියාව ජර්මනිය, මොන්ටිනීග්‍රෝ යන රටවල්ද දැඩි අවධානය යොමු කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad