"ජනපති ගෝඨාභය ගැන මට විශ්වාසයි" - වඩී යළිත් පිම්මකට සැරසෙයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 13, 2020

"ජනපති ගෝඨාභය ගැන මට විශ්වාසයි" - වඩී යළිත් පිම්මකට සැරසෙයි?

ජනාධිපතිවරණයේදි වතු කම්කරුවන්ට රු දහසක දෛනික වැටුපක් ලබාදෙන බවට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වු බවත්, එම මුදල ජනාධිපතිවරණයා විසින් ලබා දෙන බවට තමන් තුල විශ්වාසයක් ඇති බව බදුල්ල දිස්ත්‍රික් (එජාප) පා.ම වඩිවේල් සුරේෂ් මහතා පැවසිය.

වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා එ බැව් කියා සිටියේ 2019 ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් නාවලපිටිය කදිරේෂන් ශාලාවේදි පැවති තේ දින සම්මන්ත්‍රණයට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා වතු කම්කරුවන්ට රු 1500 ක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වු බවයි.

වත්මන් ජනාධිපතිවරයා විසින් වතු කම්කරුවෙකුට දිනක වැටුප වශයෙන් රු දහසක වැටුපක් ලබා දිමට කටයුතු කලත් , එම මුදල අද රටේ ජිවන වියදම අනුව ප්‍රමාණවත් නොවන බවද වඩිවේල් සුරේෂ් මහතා පැවසිය.

රංජන් රාමනායක මන්ත්‍රිවරයාගේ හඩපට සම්බන්ධයෙන් අදහස් දැක් වු වඩිවේල් සුරේෂ් මහතා කියා සිටියේ එම හඩ පට සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු හානියක් සිදු නොවන බවත්, එම හඩ පට රංජන් රාමනායක මන්ත්‍රිවරයාගේ පුද්ගලික කාරණයක් බවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන වල සිටින්නේ තම නියොජිතයන් බවත්, තම දේශාපලන ගමනට අකමැති සහ අකුල්හෙලන බදුල්ල ප්‍රදේශයේ ඇතැම් දේශපාලඥයන් පසුගිය දා පස්සර ප්‍රදේශයේ සිදු වු බස් රථ අනතුරෙන් මිය ගිය අයගේ අවසන් කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය අවස්තාවේ එම පිරිස කලහකාරි ලෙස හැසිරෙමින් කටයුතු කල බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad