තවත් රාජ්‍ය ඇමැතිවරු තුනකට බලතල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 13, 2020

තවත් රාජ්‍ය ඇමැතිවරු තුනකට බලතල

තවත් රාජ්‍ය ඇමැතිවරු තුනකට බලතල

තවත් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙකුට බලතල පවරමින් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා යටතට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිසම, භාෂා අධ්‍යාපාන හා පුහුණුව පිළිබඳ ජාතික ආයතනය, මානව සම්පත් සංවර්ධන කිරිමේ ශ්‍රී ලංකා ජාතික සභාව, රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ බාර අරමුදල පවරා තිබේ.

රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට පවරාදී ඇත්තේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, ඩිස්ටන්ස් ලර්නිං සෙන්ටර් ලිමිටඩ්, මිලාදොර ආයතනය පවරා ඇත.

මේ අතර ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පවරා දී ඇත්තේ භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතුව තිබෙන ඌන උපයෝජිත වත්කම් පමණි.

No comments:

Post a Comment

Post Bottom Ad