යුධ සමයේ ශී‍්‍ර ලංකාවේ සිදුවු අපරාධ හා පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තරය මැදිහත්වි සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සි. වී. විග්නේශ්වරන් පවසනවා.
ඒ, ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති සමුළුවකදීයි. ඔහු පවසා ඇත්තේ ජාත්‍යන්තරයේ සියළු රටවල් එක්ව යුධ සමයේ මෙරට සිදුවු අපරාධ සම්බන්ධයෙන් සාධරණ පරීක්ෂණයක් පවත්වා යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට සාධාරණය ඉටු කර දිය යුතු බවයි.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාගැනීම සඳහා ජාත්‍යන්තරයේ ජිවත්වන දෙමළ ජනතාව සියළුදෙනා එක්විය යුතු බවටද විග්නේශ්වරන් එහිදි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර, ඉන්දියාවේ චෙන්නායි නුවර සංචාරයකට එක්ව සිටින උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන්, දකුණු ඉන්දීය සුප‍්‍රකට නළු රජිනි කාන්ත් සමඟ ද සාකච්ජාවක් පවත්වා ඇතැයි සඳහන්.
එහිදී රජිනිකාන්ත් පවසා ඇත්තේ උතුරු පළාතේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට උතුරු පළාතේ සංචාරයකට එක්වීමට කැමැත්තෙන් පසුවන බවයි.
Sunday, January 12, 2020
විග්නේෂ්වරන් රජිනි කාන්ත් හමුවෙයි - මෙරට ගැටලුවලට මැදිහත් වෙන්නයි ඉල්ලයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment