කුණු අදින්න පොලීසිය යොදවන බවට වන චෝදනාවට අගමැතිගෙන් පිළිතුරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 2, 2019

කුණු අදින්න පොලීසිය යොදවන බවට වන චෝදනාවට අගමැතිගෙන් පිළිතුරු

කුණු අදින්න පොලීසිය යොදවන බවට වන චෝදනාවට අගමැතිගෙන් පිළිතුරු

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධ සිදුවීමට අදාළ චෝදනාව මෙතෙක් තහවුරු වී නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජපන් තානාපති කාර්යාලයේ සී.සී.ටී.වී. පරීක්ෂා කිරීමෙන් පසු ස්ථීර වශයෙන්ම ඒ පිළිබඳ පිළිතුරක් ලබා දිය හැකි වනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළකරමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව නුදුරේදීම ප්‍රකාශ කළ හැකි බවයි.

දිවංගත අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතාගේ 8 වෙනි ගුණානුස්මරණය වෙනුවෙන් ඒ මහතාගේ නිවසේ සංවිධාන කළ දානමය පිංකමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් සහභාගී වුණි.

එසේම කසළ පිරිසිදු කිරීම සඳහා පොලීසිය යොදාගෙන ඇති බවට එල්ල වන චෝදනාව ප්‍රතික්ශේප කළ ඒ මහතා කිසා සිටියේ පරිසර පොලීසියට පරිසරයේ පවිත්‍රතාව සොයා බැලීම පිළිබඳ වගකීමක් පැවරී ඇති බවයි.

එසේ සොයා බලා කම්කරුවන් යොදවා එම කාර්ය සිදු කිරීම ඔවුන්ගේ රාජකාරිය බවත් ඒ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad